උතුරේ මහඇමති නිසා පීඩාව උතුරේ ජනතාවටයි

උතුරේ මහඇමති නිසා පීඩාව උතුරේ ජනතාවටයි

September 16, 2014   05:11 pm

උතුරේ මහ ඇමතිවරයා රජයේ සංවර්ධන කටයුතුවලට සහය නොදැක්වීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ උතුරේ ජනතාව බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දිවයිනේ සෙසු පළාත්වලට වඩා උතුරේ පළාතේ තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන ඇති බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදෙයි.

නාගරික ප්‍රතිසංවර්ධනය පිළිබඳ කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් නාගරික සංවර්ධනය සිදුකෙරෙමින් පවතින බවයි.

2020 වන විට සියයට 50ක ජනගහණ ප්‍රතිශතයක් නාගරිකව ජීවත් වනු ඇති බව තමන් විශ්වාස කරන බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.