හැටන් අනවසර යාඥා මධ්‍යස්ථානයක් රූගත කිරීමට ගිය මාධ්‍යවේදීන්ට තර්ජන
September 16, 2014 04:21 pm
නායයෑමේ අවදානම් සහිත ඉඩමක ඉදිකෙරෙන අනවසර ඉදිකිරීමක් රූගත කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට එම ගොඩනැඟිල්ල ඉදිකිරීම් බාරව සිටින කොන්ත්‍රාත්කරු සහ සේවකයන් එම මාධ්‍යවේදීන් පිරිසට තර්ජනය කර පහරදීමට පැමිණ තිබේ.
අද (16) දහවල් 2 ට පමණ මෙම සිද්ධිය සිදුවූ බව අප වාර්තාකරු පවසයි.
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ එම්.ආර්. කඩවීදිය අසළින් කාසල්රී ජලාශය දක්වා ගලා බසින ප්‍රධාන ඇළ මාර්ගයක් අවහිර කරමින් මෙම කතෝලික යාඥා මධ්‍යස්ථානය ඉදිකරනු ලබයි.
එම කතෝලික යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීම හේතුවෙන් ඇළ මාර්ගයේ ගලා බසින ජලය රිසිසේ ගලා නොබසින බවත් එම තත්ත්වය නිසා ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් සහ එම ඇළ මාර්ගය අසළ පිහිටි තවත් නිවාස කිහිපයක් නායයෑමේ තර්ජනයට ලක්වී ඇති බව ඒ අවට පදිංචිකරුවන් පවසයි.
තවද මෙම කතෝලික යාඥා මධ්‍යස්ථානය ඉදිකළහොත් ඒ අවට පදිංචිකරුවන් වන තමන්ට දැඩි හිරිහැරයක් වන බව ඔවුන් කියයි.
ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව හැටන්, දික්ඔය නගරසභාවේ ආශිර්වාදය පමණක් සහිතව ඉදිකරන මෙම කතෝලික යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට ඉදිරිපත් කර ඇති ඉල්ලුම් පත්‍රය මෙම ස්ථානය නායයෑමේ අවදානමක් සහිත භූමියක් නිසා එම ඉල්ලුම් පත්‍රය ප්රතික්ෂේපකර තිබේ.
රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙම කතෝලික යාඥා මධ්‍යස්ථානය ඉදිකරන අතර එම ඉදිකිරීම සඳහා ගෙනවිත් ඇති ගල් සහ වැලි ප්‍රධාන මාර්ගය අභියස දැමීමෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇත.
මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගරසභා සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතාගෙන් විමසීමට කිහිපවරක් අප උත්සාහ කළත් එය සාර්ථක නොවූ බව අප වාර්තාකරු කියයි.