පොල්ගහවෙලින් බිළිඳු මළ සිරුරක් හමුවෙයි

පොල්ගහවෙලින් බිළිඳු මළ සිරුරක් හමුවෙයි

September 16, 2014   03:15 pm

පොල්ගහවෙල, කහවත්තඇළ, ගිරාඹේ ප්‍රදේශයේ පාළු ඉඩමක් අසළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙම බිළිඳු මළසිරුර සොයා ගත් බව පොලිසිය පැවසුවේය.

මළ සිරුර හඳුනාගත නොහැකි අයුරින් නරක් වී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලට රැගෙන යාමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.