"ජේ.ආර් ශතකයේ මතකය" හෙට - නව වෙබ් අඩවියකුත් එළිදක්වයි

September 16, 2014   02:28 pm

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 108 වෙනි ජන්ම දින සැමරුම හෙටට යෙදී තිබේ.

කොළඹ 07 අනගාරික ධර්මපාල මාවතේ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පස්වරු 04 ට ජන්ම දින සැමරුම් උළෙල සංවිධානය කර ඇත.

ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම ද මෙහිදි සිදු කෙරෙයි.

එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජිවිත කාලය අලලා සැකසුණු ‘‘ජේ.ආර් ශතකයේ මතකය ‘‘ වර්තමාන චිත්‍රපටය එළිදැක්වීමට ද නියමිත බව එහි සංවිධායක කමිටුව පවසයි.

මේ සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු නියෝජිතයින් 300 ක් පමණ සහභාගී වීමට නියමිතය.