සංචාරක වීසාවෙන් මලයාසියාවට පනින්න හැදූ කාන්තාවන් 6ක් මාට්ටු

සංචාරක වීසාවෙන් මලයාසියාවට පනින්න හැදූ කාන්තාවන් 6ක් මාට්ටු

September 16, 2014   12:37 pm

සංචාරක වීසා මගින් රැකියා සඳහා මලයාසියාවට යාමට උත්සහ කළ කාන්තාවන් 06 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් ‍පිරිස අතර අදාළ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ද සිටින බව සඳහන්ය .