උපත දුන් මවම විපතත් දෙයි

උපත දුන් මවම විපතත් දෙයි

September 16, 2014   11:04 am

මවක විසින් ගෙන ආ ලී කොටයක් බිමට දැමීමේදී එය අසළ ‍සිටි දෙහැවිරිදි දරුවාගේ හිසේ වැදීමෙන් මියගිය ශෝචනීය පුවතක් ඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

දරුවාගේ මව උරහිසේ තබා රැගෙන ආ ලී කොටයක් බිමට දැමීමේ දී එය දරුවාගේ හිසේ වැදීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු දරුවා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 2යි මාස දෙකක් වු පිරිමි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.