එමර්සන්ගේ මල්ලෙන් බළලා එලියට පනී - මුරලිට බොරු චෝදනා නැඟුවේ බලපෑම නිසාලු
September 16, 2014 10:33 am
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ලොවටම දයාද කළ ලෝක පූජිත සුපිරි දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා කළ ඔස්ට්‍රේලියානු විනිසුරු රෝස් එමර්සන් තමන් එසේ කළේ මන්දැයි දැන් ලෝකයටම හේතුව අනාවරණය කර තිබේ.
එමර්සන් ඩේලි ටෙලිග්රාෆ්ට් පුවත්පතට මේ ගැන පවසා ඇත්තේ තමන් එම චෝදනාව කළේ කිසියම් පාර්ශවයක බලපෑම නිසා බවයි.
මේ නිසා එය සම්පූර්ණයෙන්ම තමන්ගේ මතයක් නොවන බව පවසා තිබේ.
1996 වසරේදී බි්රස්බේන් හීදි බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගයක දී මුරලිදරන් යැවු පන්දුවක් නිපන්දුවක් ලෙස සංඥා කරමින් ඔහු පන්දුව දමා ගසන බවට රෝස් එමර්සන් විනිසුරුවරයා චෝදනා එල්ල කළේය.
මෙම සිද්ධියත් සමග එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාව සිටි අර්ජුන රණතුංග ද ඊට එරෙහිව නැඟී සිටි අයුරු දක්නට ලැබිණ.
කෙසේ වුවද එම චෝදනාවලින් සම්පූර්ණයෙන් නිදහස් වූ මුරලි අද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවාද වීම විශේෂත්වයකි.