වෑන් රථය අලියෙකුගේ ගැටී දෙදෙනක් මරුට - තිදෙනෙකුට තුවාලයි
September 16, 2014 09:03 am
අලියෙකු ගැටීම නිසා වෑන් රථයක් කිලිනොච්චි, මුරුකන්ඩි ප්රදේශයේදී පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව එහි ගමන් කළ තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මාන්කුලම පොලිසිය පැවසුවේ වයස අවුරුදු 70ක හා 75ක පුද්ගලයින් දෙදෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වවුනියාව සිට යාපනය දක්වා පවුලක ඥාතීන් ගමන් කළ වෑන් රථයක් අලියෙකුගේ එලෙස ගැටී ඇති බැව්ද මාන්කුලම පොලිසිය පැවසීය.
මාන්කුලම පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අනතුරින් තුවාල ලැබුවන් කිලිනොචිචි රෝහලට ඇතුළත් කොට ඇති බවයි.
අලියා මාර්ගය මැදට පැමිණ ඇති අතර, වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් වෑන් රථය අලියාගේ ගැටී ඇති බැව් පොලිසිය අනාවරණය කොටගෙන ඇත.
සිද්ධිය සමිබන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.