හෙට  මාර්ග කිහිපයක  විශේෂ රථවාහන සැලැස්මක්

හෙට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්

September 15, 2014   07:34 pm

හෙට(16) දිනයේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඇතුළු කොළඹ අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, බේස්ලයින් පාර, කොළඹ බෞද්ධාලෝක මාවත, බම්බලපිටියේ සිය ගාලු මුවදොර දක්වා ඇති ගාලු පාර මෙලෙස ගමනා ගමන කටයුතු සීමා කරන බව සඳහන් වෙයි.

හෙට පෙරවරු 10.30 සිට පස්වරු 1.00 දක්වා මෙලෙස අදාළ මාර්ගවල ගමනා ගමන කටයුතු සීමා කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.