ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට තරඟාවලි 2ක්

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට තරඟාවලි 2ක්

September 15, 2014   05:00 pm

ලබන වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

ලබන නොවැම්බර් මාසයේ දී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය.

එහිදී දෙරට අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 7ක් පැවැත්වෙයි.

නොවැම්බර් 26 වැනිදා පළමු තරගය පැවැත්වෙන අතර දෙසැම්බර් 16 වැනිදා තරගාවලිය අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව දෙසැම්බර් මාසයේ දී නවසීලන්ත තරග සංචාරයකට එක්වේ.

එහිදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් සහ එක්දින ජාත්‍යන්තර තරග 7ක් පැවැත්වෙයි.

අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පෙබරවාරි 14 වැනිදා සිට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවැත්වෙයි.