ඔරු පැද්ද බන්ධනාගාර නියාමකවරුන් 2ක් තිසා වැවට බිලි?

ඔරු පැද්ද බන්ධනාගාර නියාමකවරුන් 2ක් තිසා වැවට බිලි?

September 15, 2014   04:29 pm

අනුරාධපුර, තිසාවැවේ ගිළීමෙන් බන්ධනාගාර නි‍යාමකවරුන් දෙදෙනෙකු අතුරුදන් බවට තොරතුරක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

අනුරපුර බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අද දහවල් තිසා වැවේ දියනෑමට ගොස් ඇත.

ඔවුන් එහිදී බීමතින් ඔරු පැදීමට ගොස් ඇතැයි ද පැවසෙන අතර එම අවස්ථාවේ ඔරුව පෙරළී මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු කීවේය.

එම අවස්ථාවේ එක් අයෙකු දිවිබේරා‍ ගෙන ඇති අතර අනෙක් දෙදෙනා දියේ ගිළි අතුරුදන්ව තිබේ.

අද දහවල් 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

මේ පිළිබඳව සොයාබලන බව පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.