විපක්ෂනායකගේ ආරක්ෂක අංශයේ 4ක් රෝහලේ

විපක්ෂනායකගේ ආරක්ෂක අංශයේ 4ක් රෝහලේ

September 15, 2014   11:58 am

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් පිරිසක් ගමන් කළ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් පොලිස් නිලධාරින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රි 10.20ට පමණ බදුල්ල, ස්ප්‍රිංවැලිවත්ත ප්‍රදේශයේ දී අදාළ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරින් දෙදෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.