බිරිඳ ගැටගසා දමා දෙදරු පියා බිරිඳගේ නංගී දූෂණය කරලා

බිරිඳ ගැටගසා දමා දෙදරු පියා බිරිඳගේ නංගී දූෂණය කරලා

September 15, 2014   11:04 am

තම බිරිඳ ගැටගසා දමා වයස අවුරුදු 14 ක් වන ඇයගේ නැගණිය දුෂණය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව -පෙරමාකුත්තුව පදිංචිකරුවෙකි.

28 හැවිරිදි සැකකරු දෙදරු පියෙකු බව පොලීසිය කියයි.

තමන්ව ගැට ගසා දමා තම නැගණියව සැකකාර සැමියා විසින් බලහත්කාරයෙන් දුෂණය කළ බව සැකකරුගේ බිරිද ආණමඩුව පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීට පෙර අවස්ථා වලදී මෙම දැරියකට අතවර කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා පරීක්ෂණයක් සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.

ආණමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එන්.ප්‍රියලාල් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.