අයි එස් සටන්කාමින්ට එරෙහිව  ගුවන් ප්‍රහාර
සයුරෙන් එතෙර

අයි එස් සටන්කාමින්ට එරෙහිව ගුවන් ප්‍රහාර

September 15, 2014   08:39 am

අයි. එස්. අයි. එස් සටන්කාමින් ඉලක්ක කරගිනිමින් ප්‍රහාර දියත් කිරීමට අරාබි රටවල් ඇතුළු රටවල් කැමැත්ත පළ කළ බව අමෙරිකාව පවසයි.

ඒ අනුව ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මක අයි. එස්. අයි. එස් කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටවල් 40ක් මේ සඳහා කැමැත්ත පළ කර ඇති අතර එම රටවල් අතර අරාබි රටවල් 10ක් ද වන බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා අද දිනයේ දි විශේෂ සාකච්ඡාවක් ප්‍රංශයේ දි පැවැත්විමට නියමිතය.

අයි. එස්. අයි. එස් සටන්කරුවන් 32, 000ක් පමණ විවිධ රටවල සිටින බව අමෙරිකාව පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා ඊයේ දිනයේ දි අයි එස් සටන්කරුවන්ගේ ප්‍රධානියෙකු සමග සාකච්ඡා පවත්වා තිබේ.