ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 80ක්

ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 80ක්

September 11, 2014   12:25 pm

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල දකුණු කොරියාවේ, ඉන්චියෝන් නුවර දී පැවැත්වෙයි.

17 වන වරට පැවැත්වෙන ක්‍රීඩා උළෙල ලබන 19 වැනි දින ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වෙති.

ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 04 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.