ඔසාමා අමෙරිකාවට ගසා අදට වසර 13යි
සයුරෙන් එතෙර

ඔසාමා අමෙරිකාවට ගසා අදට වසර 13යි

September 11, 2014   09:50 am

අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී අදට වසර 13 ක් සපිරෙයි.

අල්කයිඩා සංවිධානය විසින් 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින එල්ලකළ මෙම ප්‍රහාරයෙන් අමෙරිකාවේ ලෝකවෙළඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය විනාශයට පත්වුණි.

මෙම ප්‍රහාරයට වසර 13 ක් සපිරෙන අද දිනයේ පළමුවරට ලෝක වෙළඳ මධ්‍යස්ථානය මහ ජනතාවට නැරඹීමට සඳහා අවස්ථාව ලබා දී ඇත.

ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකාව විසින් අල්කයිඩා සංවිධානයට එරෙහිව මෙහෙයුම් දියත් කළ අතර 2011 වසරේ දී අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බිල්ලාඩන් පකිස්ථානයේ දී ඝාතනයට ලක් වුණි.