ගංවතුරෙන් ඉන්දියාවත් පකිස්ථානයත් බැටකයි
සයුරෙන් එතෙර

ගංවතුරෙන් ඉන්දියාවත් පකිස්ථානයත් බැටකයි

September 10, 2014   04:56 pm

ඉන්දියාව සහ පකිස්ථාන පාලනය පවතින ප්‍රාන්ත වලට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 04 පමණ සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබේ.

මේ වනවිට ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 450 ක පමණ ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉන්දියානු පාලනය පවතින ජම්බු කාෂ්මීර ප්‍රදේශයට සහ පකිස්ථානු පාලනයේ පවතින පංජාබ් ප්‍රදේශයට මෙම ගංවතුර තත්ත්වය දැඩිව බලපා තිබේ.

කාෂ්මීර ප්‍රදේශයේ පුද්ගලයින් 200ක් පමණ මියගොස් ඇති අතර පංජාබ් ප්‍රදේශයේ පුද්ගලයින් 250ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේය.

විපතට පත්වුවන්යට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ පකිස්ථානු අග්‍රාමාතය නවාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත