වාට්ටුව ඇරෙයි..!

වාට්ටුව ඇරෙයි..!

January 12, 2017  

Bookmark and Share
ඒ.එච්. වන්. එන්. වන්. රෝගය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වාට්ටුව මේ වන විට යළි විවෘත කර ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.ඔහු පවසන්නේ අදාළ වාට්ටුව මේ වන විට සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කර ඇති බවයි.කෙසේවෙතත් වාට්ටුව තුළට කුඩා දරුවන් රැගෙන ඒමෙන් වළකින ලෙසද අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.පැය 48ක් තුළදී රෝගීන් තිදෙනෙකු මිය යාම හේතුවෙන් මෙම වාට්ටුව ඊයේ(11) දිනයේදී වසා දැමුණි.රෝහල් වාට්ටුව තුළ සීඝ්‍රයෙන් පැතිර ගිය වෛරසයක් ( ඒ.එච්. වන්. එන්. වන් රෝගය) හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බව අණාවරණය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා අද දෙරණ සමග පවසා සිටියේය.

ඡායාරූ-චන්දන උඩවාවෙල