අයි.එස් .අයි.එස්ට එරෙහිව ඉරාකයේ නව රජයක්
සයුරෙන් එතෙර

අයි.එස් .අයි.එස්ට එරෙහිව ඉරාකයේ නව රජයක්

September 9, 2014   12:32 pm

අයි.එස් .අයි.එස් සටන්කාමීන්ගෙන් එල්ල වී ඇති තර්ජන වලට මුහුණ දීම සඳහා ඉරාකය නව රජයක් ස්ථාපිත කර තිබේ.

ඉරාක පාර්ලීමේන්තුවේ අනුමැතියෙන් ස්ථාපිත කර ඇති නව රජයේ නායකත්වය අග්‍රාමාත්‍ය හයිදා අල් අබාදී විසින් දරණ බව වාර්තා වේ.

සුන්නි සහ කුර්දි ජාතිකයින්ගේ නියෝජනය සහිතව ස්ථාපිත කර ඇති නව රජයේ අග්‍රාමාත්‍යධූර සඳහා ද සුන්නි සහ කුර්දි ජාතිකයින් දෙදෙනෙකු නම් කිරීමට හයිදා අල් අබාදී පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසන්නේ අයි.එස් .අයි.එස් සටන්කාමීන්ගේ තර්ජන වලට මුහුණ දීම සඳහා ඉරාකයේ නව රජයක් ස්ථාපිත කිරීම ඉතා වැදගත් පියවරක් බවයි.