ඔස්ට්‍රේලියාව හා සටනට දකුණු අප්‍රිකාව එයි

ඔස්ට්‍රේලියාව හා සටනට දකුණු අප්‍රිකාව එයි

September 5, 2014   09:36 am

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් ලකුණු 63ක ජයක් හිමි කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසිය වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවි ලකුණු 271ක් රැස් කළ අතර එම ඉනිම වෙනුවෙන් ඩූ ප්ලෙසිස් ලකුණු 121ක් සහ ජේ.පි ඩුමිනි ලකුණු 51ක් රැස් කරන ලදී.

ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුනු 208ක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 79ක් රැස් කළේය.

ඒ අනුව තරඟාවලියේ අවසන් මහා තරඟය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිතය.