චමිලා දූෂණය කර මරා දැමූ දොස්තර පෝරකයට

චමිලා දූෂණය කර මරා දැමූ දොස්තර පෝරකයට

September 3, 2014   11:24 am

මොණරාගල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක (22) නම් වෙළඳ කලාපයේ සේවිකාවක 2007 නොවැම්බර් 12 දින මීගමුව රෝහලේ දී දූෂණය කොට උඩු මහලින් තල්ලු කොට මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු සීමාවාසික වෛද්‍යවරයෙකු වූ සුදර්ශන බාලගේට මරණ දඬුවම නියම කර තිබේ.

සැකකාර වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණ විනිසුරු එච්.එච්.ඒ. ගෆූර් මහතා මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

ඒ අනුව විත්තිකරුට ඝාතන චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම ද, තරුණිය දුෂණය කිරීමේ චෝදනාවට වසර 15 ක සිර දඬුවමක් ද නියම කර තිබේ.

සුදර්ශන බාලගේ අතින් ඝාතනයට ලක් වූ බැව් කියූ එම තරුණිය සිහිනැති කොට ඝන කාඩ්බෝඩ් එකක් මත තබා 6 වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු බවට එම රෝහලේ සේවිකාවක විසින් නඩු විභාගය පැවැත්වෙන අතරතුර සාක්ෂියක් ද ලබා දී තිබුණි.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.