විද්‍යුත් හැඳුනුම්පතට නව නීති

විද්‍යුත් හැඳුනුම්පතට නව නීති

September 3, 2014   08:19 am

යෝජිත විද්‍යුත් හැඳුනුම්පත ලබාදීමේ දී තොරතුරු ලබා ගැනීම සඳහා පවතින නීති කෙටුම්පත් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආර්.එම්.එස්.සරත් කුමාර මහතා පවසයි.

මෙතෙක් තොරතුරු ලබා ගත් ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයක් එහිදී අනුගමනය කරන බව ඔහු සඳහන් කළේය.

ඇඟිලි සළකුණු ලබා ගැනීමබ වැනි ජීවමිතික ලක්ෂණ ලබා ගැනීමේ අරමුණින් පවතින නීති රිති සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා පැවසුවේය.

දැනට පවතින ජාතික හැඳුනුම්පතේ දුර්වලතා කිහිපයක් ද වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

නව හැඳුනුම්පත සඳහා රැස් කරන තොරතුරු වල රහස්‍යභාය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් 2016 වසර වන විට රටේ සෑම පුරවැසියෙකුටම විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමට අපේක්ෂා කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ආර්.එම්.එස්.සරත් කුමාර මහතා පැවසුවේය.