අතුරුදහන්වූ මුරකරුගේ මළ සිරුර හමුවෙලා

අතුරුදහන්වූ මුරකරුගේ මළ සිරුර හමුවෙලා

September 3, 2014   06:51 am

බෙන්තොට, දුම්රිය හරස් මාර්ගයේ මුරකරු වශයෙන් සේවය කළ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

පසුගිය 01 වැනිදා සිට ඔහු අතුරුදන්ව ඇති බවට වාර්තා පළවිය.

බෙන්තොට පාලම අසළ ගඟේ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශන සිදුකළ බව පොලිසිය පවසයි.

එහිදී මෙම මළ සිරුර අතුරුදන් වු ගේට්ටු මුරකරුගේ බවට හඳුනාගෙන තිබේ.

මියගොස් ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි මනෝජ් අනුරාධ නැමැති අයෙකි.

මරණය සිදුවු ආකාරය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.