රාක්කය දරුවාට මාරකවෙයි

රාක්කය දරුවාට මාරකවෙයි

September 2, 2014   01:56 pm

වෙළඳසැළක තිබූ රාක්කයක් අවුරුදු 3ක් වයසැති දරුවෙකුගේ ඇඟට කඩාවැටීමෙන් එම දරුවා මියගිය පුවතක් මීටියාගොඩ - බටපොල, කිරිමැටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු දරුවා උඩුවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.