බුත්තල ප්‍රාදේශීය සභා විපක්ෂනායකගේ කාර්යාලයක් කුඩුකරයි
September 2, 2014 11:38 am
බුත්තල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ මොණරාගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක විජේසිංහ හේරත් මුදියන්සේලාගේ ධර්මසේන යන අයගේ බුත්තල - කතරගම පාරේ පිහිටි කාර්යාලයට අද (02) අළුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
ප්‍රහාරයෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් මෙම ප්‍රහාරයත් සමගම ඌව පළාත් සභා මැතිවරණයේ පහරදීම් හා දේපළ අලාභ කිරීම් සංඛ්‍යාව 55ක් වන බවත් එම සංවිධානය කියයි.
මොණරාගල දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකුල සහ නීත්‍යානුකුල නොවන පක්ෂ කාර්යාල දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් පවතින නමුත් එජාපය සහ ජවිපෙට අයත් කාර්යාලවලට දිගින් දිගටම ප්‍රහාර එල්ලවෙමින් පවතින බවද කැෆේ සංවිධනාය පවසයි.
මොණරාගල පක්ෂ කාර්යාලවලට පහරදීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ නීති මගින් කටයුතු කිරීමට නොහැකිවී ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.
ප්‍රහාර එල්ල වන විට පොලිස් රථ වාහන අංශය එම ප්‍රදේශවල නොසිටීම කැපී පෙනෙන තත්ත්වයක් බවද ගරාජ් අංක සහ අංක තහඩු රහිත වාහන වලින් පැමිණි කණ්ඩායමක් මොණරාගල ප්‍රහාර එල්ල කරන බවද විපක්ෂයේ ක්‍රියාකාරීන් චෝදනා කරන බව කැෆේ කියයි.
මේ අතර බදුල්ල නෙලුම්ගම පිහිටි එජාප අපේක්ෂක හරීන් ප්‍රනාන්දුගේ කාර්යාලයට පහර දී පුටු 7 ක් ඇතුඵ ද්‍රව්‍ය විනාශ කිරීමේ සිදුවීමක් සැප්. 1 දින සවස වාර්තා වී ඇති බව කැෆේ පවසයි.
කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි 164 අතුරින් මොණරාගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 120 ක්ද බදුල්ලෙන් පැමිණිලි 35 ක්ද වේ.
(බුත්තල එජාප අපේක්ෂක විජේසිංහ හේරත් මුදියන්සේලාගේ ධර්මසේනගේ කාර්යාලය හා බදුල්ල හරීන් ප්‍රනාන්දුගේ කාර්යාල ප්‍රහාරයෙන් විනාශ වී ඇති අයුරු)
ඡායා රූ - කැෆේ සංවිධානය