අත අද 63 සමරයි

අත අද 63 සමරයි

September 2, 2014   08:58 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වන සංවත්සරය අදට යෙදී තිබේ.

අද පස්වරු 2.00ට බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උළෙල පැවැත්වීමට නියමිතය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා විසින් 1951 වසරේ සැප්තැම්බර් මස 02 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේය.

1956 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළමු වරට ආණ්ඩු බලයට පත්වුණි.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී ආණ්ඩු බලය ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ආණ්ඩු බලය හිමිකරගෙන තිබේ.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය උළෙල සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලු පක්ෂවල නායකයින් සහභාගී වනු ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන් සංවත්සර උත්සවය ඇමතීමට නියමිතය.