ජපාන අගමැති ලංකාවට එයි

ජපාන අගමැති ලංකාවට එයි

September 2, 2014   08:06 am

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ දෙදින නිල සංචාරයක් සඳහා ලබන 07 වන දින ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව ජපාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ දී ජපානයේ නිල සංචාරයක නිරත වු අතර එහිදී මෙම ආරාධනය සිදුකර ඇත.

ජපාන අග්‍රාමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 24කට පසුව වීම විශේෂත්වයකි.

දෙරට අතර පවතින වෙළෙඳ හා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම මෙම සංචාරයේ මූලික අරමුණය.

ජපාන අග්‍රාමාත්‍යවරයා සමග එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මෙම සංචාරය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.