උසාවියට ගිනි අවියක් ගෙනාවේ ඇයි?
September 1, 2014 03:01 pm
කොළඹ, අලුත්කඩේ අධිකරණ පරිශ්රයට ගිනි අවියක් රැගෙන ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා කොළඹ, ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසුවේය.
අදාළ ගිනි අවිය සඳහා බලපත්රයක් තිබී ඇති අතර එම පුද්ගලයා ගිනි අවිය රැගෙන අධිකරණ භූමියට ඇතුළුවීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පසුගියදා කොළඹ රථවාහන මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට දී පියෙකු විසින් තම දියණියට අතවර කළ තරුණයෙකුට පිහියෙන් ඇනීමට තැත් කිරීමේදී එම තරුණයා බේරා ගැනීමට මැදිහත් වූ තරුණයාගේ පියා පිහිපහර කා මරුමුවට පත්විය.
මෙම ගැටුමේදී තරුණයා මෙන්ම ඇයගේ සහෝදරියක ද තුවාල ලැබූහ.