එල්.ටී.ටී.ඊය ප්රතිසංවිධානයවීමේ සුදානමක්
September 1, 2014 08:07 am
එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත වරක් ඕස්ට්‍රේලියාව තුළ ප්රතිසංවිධානයවීමේ සුදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පළා යෑමට උත්සාහ කිරිමේ දී අත්අඩංගුවට ගත් පිරිසකගෙන් මෙම තොරතුරු අනාවරණය වි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පසුගියදා ඉන්දියාවේ ප්‍රකාශන් මුහුදු තීරයේ දි එරට බලධාරින් විසින් ඕස්ට්‍රේලියාවට පළා යෑමට උත්සහ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් ශ්‍රී ලංකාවේ මුලතිව් සහ මඩකළපුව යන ප්‍රදේශ වල අය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.
මොවුන් අවුරුදු 26 සහ 28 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් බව ද සඳහන් වෙයි.
මෙවැනි තරුණයින් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොමුවිය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව බලා යෑමේ මොවුන්ගේ අරමුණ රැකියා සොයා ගැනීම නොවන බව ද එම මාධ්‍ය පෙන්වා දෙයි.
මේ අතර මොවුන් සතුව තිබී චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ කිහිපයක් ද සොයාගෙන ඇති අතර එම උපකරණ භාවිතා කරමින් ඔවුන් කැනඩාව සහ එංගලන්තයේ දෙමළ ජනතාව සම්ග සාකච්ඡා කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.