තුන්වන පාසල් වාරය අද සිට

තුන්වන පාසල් වාරය අද සිට

September 1, 2014   08:02 am

තෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු අද(01) සිට ආරම්භ වී තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන පාසල් හැර සෙසු පාසල් අද ආරම්භ කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 12 වැනි දින දක්වා තෝරාගත් පාසල් 10ක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සිදු කෙරෙන බවයි.

ඒ අනුව කොළඹ රාජකීය, විශාඛා, කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, කුලියාපිටිය ශාන්ත ජෝශප් සහ කෑගලු බාලිකා විද්‍යාලය ලබන 12 වැනි දින දක්වා වසා දැමෙනු ඇත.

මීට අමතරව මහනුවර කින්ග්ස්වුඩ්, ගාල්ල විද්‍යාලෝක සහ බදුල්ල විහාරමහදේවි බාලිකා විද්‍යාලය ද එම කාලය තූළ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන මස 14 වන දා සිට 27 වන දින දක්වා සිදු කිරිමට නියමිතය.