ජනපති - මෝඩි හමුවක්

ජනපති - මෝඩි හමුවක්

September 1, 2014   07:29 am

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර සාකච්ඡාවක් එළඹෙන එක්සත් ජාතින්ගේ මහ සමුළුවේ දි පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතින්ගේ 69 වන මහ සමුළුව සැප්තැම්බර් මස 16 වන දින ආරම්භ විමට නියමිතය.

එහි ප්‍රධාන දේශන සැප්තැම්බර් මස 24 වන දින ආරම්භ විමට නියමිත අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස 25 වන දින මහ සමුළුව ඇමතිමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද මෙම සමුළුව ඇමතීමට නියමිත අතර එහිදි ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර අදාළ සාකච්ඡා පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

නරේන්ද්‍ර මෝඩි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසෙන දෙවන අවස්ථාව මෙයයි.

මේ අතර ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ලබන 07 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

එහිදි ජපාන අග්‍රාමාත්‍යවරයා ,ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කිරිමට නියමිත බව ද ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කරයි.