සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

August 31, 2014   08:00 pm

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකු වන සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අනු තුන් හැවිරිදි ඒ මහතා කොළඹ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ති වී ඇති බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔම්බුස්ට්මන් ධූරයේද කටයුතු කළේය.

මාතර, කිරින්ද, ගැටමාන්න ප්‍ර දේශයේදී උපත ලැබු ඒ මහතා ඉඩම් හිමි වැවිලිකරුවකු වු ගැටමාන්නේ ඩී. ඒ. එස්. විජේසිංහ මහතාගේ පුත්‍රයෙකි.

මාතර රාහුල විද්‍යාලය,කොළඹ ආනන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබු ඔහු නීතී වේදීයෙකි හා උපාධිධරයෙකි.

ඒ මහතාගේ අවසන් කටයුතු හෙට(01) සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.