සෞඛ්‍ය වර්ජනය පැය 48ට අත්හිටුවයි
August 30, 2014 10:29 pm
පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කර ඇති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
අද පස්වරුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගත් බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ සම්මේලය සඳහන් කළේය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලීමි සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර නිසි පිළිතුරක් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුව වර්ජනය පැය 48ට අත්හිටුවා තිබේ.
එසේම පරිපුරක වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩ වර්ජන අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ(29) නියෝගයක් නිකුත් කළේය.
අධිකරණ නියෝගය සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බව පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා එහිදී පැවසුවේය.
මාධ්‍ය මගින් ඒ පිළිබඳ ප්‍රචාරය වුවද නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොමැති බව අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය. ෙ