නියෝග ගරු කරමින් නොපමාව සේවයට වාර්තා කරන්න

නියෝග ගරු කරමින් නොපමාව සේවයට වාර්තා කරන්න

August 30, 2014   05:27 pm

අධිකරණ නියෝගයට ගරු කරමින් නොපමාව සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම පරිපුරක සෞඛ්‍ය වෘත්තිකයින්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

සෞඛ්‍ය පරිපුරක වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා රෝහල් වල කටයුතු වලට බාධා එල්ල වි තිබේ.

කෙසේ වෙතත් ඊයේ(29)  දිනයේ කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක්ද ඉදිරිපත් කළ අතර එම නියෝගය ද උල්ලංඝණය කරමින් පරිපුරක වෘත්තිකයින් මේ වන විට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවී සිටියි.

වෘත්තිය සමිති පවසන්නේ අධිකරණය මගින් ලබාදුන් තීන්දුව මේ වන තෙක් තමන්ට ලැබි නැති බැවින් තමන් දිගටම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල නියැලෙන බවයි.