සදාචාරයට ගරු කරමින් කටයුතු කළ යුතුයි

සදාචාරයට ගරු කරමින් කටයුතු කළ යුතුයි

August 30, 2014   01:40 pm

සදාචාරයට ගරු කරමින් කටයුතු කිරිම සෑම වෘත්තීය සමිතියක් සතු යුතුකමක් සහ වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

දැනට දින කිහිපයක් සිට පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කර ඇති වර්ජනය නවත්වන ලෙස ඊයේ(29)  දිනයේ අධිකරණය නියෝග කළේය.

එහෙත් එම නියෝගය නොසළකා හරිමින් ඔවුන් මේ වනවිටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෙයි.

මෙය නීතියට අවනත නොවීමක් මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සඳහන් කළේය.

අධිකරණය විසින් නියෝගයක් ලබා දීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වන ආකාරය හා එය ක්‍රියාත්මක කළ යුතු පාර්ශවය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ නීති ලේකම් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා එලෙස අදහස් පළ කළේය.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කළේ අධිකරණ නියෝගය සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බවයි.

මාධ්‍ය මගින් ප්‍රචාරය වුවද නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තම වෘත්තීය සමිතිය දැනුවත් කර නොමැති බව එහි ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.