කරාපිටියේ බෙහෙත් ඇත්තේ තව දින 2යි - ඉබි යතුරු කඩලා හරි බෙහෙත් ගන්නවා
August 29, 2014 01:11 pm
කරාපිටිය රෝහලේ බෙහෙත් ඇත්තේ තවත් දින දෙකකට ප්‍රමාණවත් බැවින් ඖෂධ ගබඩාවල ඉබි යතුරු කඩා හෝ ඖෂධ ගන්නා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා කියයි.
රෝහල් පරිපූරක සේවක වර්ජනය හේතුවෙන් රෝගීන්ට ලබාදීමට ඉතිරිව ඇත්තේ තවත් දින 2ට ප්‍රමාණවත් බෙහෙත් බැවින් ඉබි යතුරු දමා ඇති ගබඩාවලින් බෙහෙත් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත අවසරයක් ලැබී ඇති බවද හෙතෙම පවසයි.
පරිපූරක වැඩවර්ජනයේ සිව්වන දිනය අද වේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා වර්ජනය අතහැර සේවයට වාර්තාකරන්නැයි ඉල්ලා සිටියත් වර්ජනයේ නිරත වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබේ.