රාජගිරිය - බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

රාජගිරිය - බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

August 28, 2014   07:38 pm

රාජගිරියේ සිට බත්තරමුල්ල දක්වා මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

අදාළ මාර්යේ පොල්දූව හන්දියේ ඇති පාලමේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස මාර්ග තදබදයක් ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා ධාවනය කරන රථ වාහන තලංගම කොස්වත්ත හන්දියෙන් දකුණට හැරි කළපළුවාව හරහා රාජගිරියට පැමිණිය හැකිය.

තලවතුගොඩ සහ පැලවත්ත ප්‍රදේශ වල සිට පැමිණෙන වාහන කියැන්යැන් හන්දියෙන් දකුණට හැරි කිඹුලාවල හන්දියෙන් කෝට්ටේ දෙසට පිවිසිය හැකි බව පොලිසිය පවසයි.

කොළඹ සිට බත්තරමුල්ල ප්‍ර දේශය දක්වා ගමන් ගන්නා වාහන රාජගිරිය හන්දියෙන් බුත්ගම හරහා කළපළුවාව මාර්ගය ඔස්සේ තලංගම හරහා කොස්වත්ත හන්දියට පිවිසිය හැකිය.

කොළඹ සිට තලවතුගොඩ සහ පැලවත්ත ප්‍රදේශ වලට ගමන් ගන්නා වාහන කොස්වත්ත දෙසින් කිඹුලාවල හන්දියට පිවිස කියැන්යැන් හන්දිය හරහා ගමන් කළ හැකිය.