පාසල් තෙවන වාරය 1දා ඇරඹේ

පාසල් තෙවන වාරය 1දා ඇරඹේ

August 28, 2014   05:07 pm

තෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන මස 01 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙන බව සඳහන්ය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 10 ක් තෙවන වාරය සඳහා ආරම්භ කෙරෙන්නේ සැප්තැම්බර් 15 වනදා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කොළඹ රාජකීය විද්‍යාලය, විශාඛා විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය,ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය එම පාසල් අතරට අයත්ය.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 34 ක් සැප්තැම්බර් 02 වනදා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.