වී මෝල් හිමියන්ට ආනයනකරුවන්ට හා තොග රැස්කරන්නන්ට අනතුරු අඟවයි

වී මෝල් හිමියන්ට ආනයනකරුවන්ට හා තොග රැස්කරන්නන්ට අනතුරු අඟවයි

August 28, 2014   03:56 pm

සියලු වී මෝල් හිමියන්, ආනයනකරුවන් සහ තොග රැස්කරන්නන් තමා සතු වී සහ සහල් තොග පිළිබඳ තොරතුරු ලබන 15 දිනට පෙර ලබා දිය යුතු බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.

ඉන් පසු සති 02කට වරක් එම තොරතුරු ලැබීමට සැලැස්විය යුතු බවද එම අධිකාරිය දැනුම්දෙයි.

තොරතුරු ලබාදීම පැහැර හැරීම, ව්‍යාජ තොරතුරු ලබා දී වී සහල් තොග සන්තකයේ තබා ගැනීම පාරිභෝගික පනත උල්ලංඝණය කිරීමක් බව අධිකාරිය පවසයි.

අවශ්‍යතාවය ඉක්ම වන ප්‍රමාණයෙන් ව්‍යාපාරක ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක තබා ගැනීම ද නීති විරෝධි බව එම අධිකාරිය දැනුම් දෙයි.

පාරිභෝගික පනත උල්ලංඝණය කරමින් වී හා සහල් තොග පවත්වාගෙන යන්නේ නම් එම තොග රාජ සන්තක කිරීමට පාරිභෝගික අධිකාරියට බලය පවතින බව ද සඳහන්ය.