ඝාතනයකට සැක 3ක් අත්අඩංගුවේ

ඝාතනයකට සැක 3ක් අත්අඩංගුවේ

August 28, 2014   03:44 pm

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිදුවු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ නිවසක් පිටුපස පුද්ගලයෙකු ඝාතනය කර වළ දමා ඇති බවට පමුණුගම පොලිසියට ලැබුණු තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

කොළඹ බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.