සැමියා බිරියගේ ලේ සොලවයි

සැමියා බිරියගේ ලේ සොලවයි

August 28, 2014   01:11 pm

පවුල් ආරවුලක් මත තම බිරිඳව පිහියකින් කපා කොටා තුවාල සිදු කළ බව කියන 31 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

තුවාල ලබා ඇත්තේ කල්පිටිය - වන්නි මුන්දලම පදිංචිකාරියක වන මොහොමඩ් නෙයිනා හම්සියා (අවු:30) නම් අයෙකි.

ඇය මේ වන විට කල්පිටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ (27) සැකකරු සහ තුවාලකාරිය පදිංචිව සිටින නිවසේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය කියයි.

අඹු - සැමියන් අතර ඇතිවූ බහින් බස් වීම දුර දිග යාමෙන් පසුව සැකකරු විසින් තම බිරිඳට පිහියකින් පහර දී ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශන වලදී හෙලිවී ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.