ගුවන් භටයාට ඇඳ මාරකයක් වෙයි

ගුවන් භටයාට ඇඳ මාරකයක් වෙයි

August 28, 2014   12:08 pm

චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටි ගුවන් භටයෙක් අද (28) අළුයම 3ට පමණ ඔහු නිදා සිටි ඇ‍ඳෙන් වැටී ඇති වූ තුවාල නිසා මියගොස් තිබේ.

මෙට්ට දෙකක් යොදා ගනිමින් සැකසූ (බන්කර් බෙඩ්) ඇඳකින් වැටී හෙතෙම මරණයට පත්ව ඇත.

ඩී.ජී.අයි විදුරංග නැමැති අවුරුදු 22ක් වයසැති ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග්කමාන්ඩර් පද්මන්ද කොස්තා මහතා පැවසීය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.