බන්ධනාගාරවල ආරක්ෂාවට තාක්ෂණික උපරකණ එයි

බන්ධනාගාරවල ආරක්ෂාවට තාක්ෂණික උපරකණ එයි

August 28, 2014   08:51 am

බන්ධනාගාර වල ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා අධි තාක්ෂණික උපකරණ යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අදාළ අධි තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.

බන්ධනාගාර තුළට නීති විරෝධී ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමේ අරමුණින් මෙම අධි තාක්ෂණික උපකරණ සවි කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වසර අවසන්වීමට පෙර කොළඹ පිහිටි සියලූම බන්ධනාගාර සඳහා අදාළ උපකරණ සවිකිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් අනතුරුව දිවයින පුරා පිහිටි අනෙක් බන්ධනාගාර වලට ද අවශ්‍යතාව අනුව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.