බසයේ ඉදිරිපස රෝදයට යතුරු පැදිකරු යටවෙයි

බසයේ ඉදිරිපස රෝදයට යතුරු පැදිකරු යටවෙයි

August 27, 2014   10:41 am

හලාවත - මීගමුව ප්‍රධාන මාර්ගයේ මාරවිල, හත්තිනිය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

බස්රථයේ ඉදිරිපස රෝදයට යටවිමෙන් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාරවිල මැදමාවිල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

අනතුරට සම්බන්ධ බස්රථය පොලිස් බාරයට ගෙන ඇති අතර බස්රථයේ රියදුරු සහ සහයක පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඔවුන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.