නංගී මැරුවැයි අක්කා රිමාන්ඩ්

නංගී මැරුවැයි අක්කා රිමාන්ඩ්

August 22, 2014   05:09 pm

තියුණු ආයුධයකින් පහරදි සිය නැගණිය ඝාතනය කළ බාල වයස්කාර දැරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මොණරාගල, බඩල්කුඹුර ප්‍රදේශයේ දි ඊයේ දිනයේ මෙලෙස ඝාතනයට ලක් වුයේ 06 හැවිරිදි දැරියකි.

මොණරාගල මහේස්ත්‍රාත් ආර්. එස්. ජිනදාස මහතා විසින් එම දැරිය ලබන මස 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

තම නැගණිය සමග ඇති වු ආරවුලක් හේතුවෙන් පියා අවවාද කිරීමෙන් කෝපවු 13 හැවිරිදි අදාළ දැරිය සිය නැගණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.