පනිට්ටුව දෙන්නෙක් මරාගනියි
August 22, 2014 05:07 pm
ළිඳකට වැටුණු බාල්දියක් ගැනීමට ගිය පුද්ගලයෙකු ළිඳ තුළ සිහි මූර්ජා වී සිටියදී ඔහු බේරා ගැනීමට ගිය තවත් දෙදෙනෙකු මතට පස් කන්දක් වැටී ඇති අතර පසුව තිදෙනාම රෝහල් ගත කළත් දෙදෙනෙකු මියගිය පුවතක් මාතලේ, අකුරම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
ළිඳට බැසීමෙන් අනතුරට ලක්වු පුද්ගලයා බේරාගැනීමට තවත් දෙදෙනෙකු ළිඳට බැස තිබේ.
මෙහිදී පළමුව ළිඳට බැස්ස බව කියන පුද්ගලයා බේරාගෙන රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
අද දහවල් මෙම අනතුර සිදුව ඇත.