කාලගුණේ බාධා වළකාගෙන විභාග මධ්‍යස්ථානයට එන්න
August 22, 2014 04:40 pm
දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දින වලදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේය පවතින ගංවතුර සහ නායයෑම් හේතුවෙන් නියමිත වේලාවට විභාග මධස්ථාන කරා යාමට බාධා ඇති විය හැකි බවයි.
මේ හේතුවෙන් එවැනි බාධා ඇති විය හැකි බවට අනුමාන කළ හැකි අවස්ථාවලදී විභාග මධස්ථාන කරා යාමට විසදුම් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දෙයි.
මේ සම්බන්ධයෙන් විභාග අපේක්ෂකයින්ගේ මව්පියන් සහ බාරකරුවන්ද දැඩි අවධානයක් යොමුකර කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඉල්ලීමක් කරයි.