මාර ගහක් වාහන උඩ වැටේ - රථවාහන ධාවනයට බාධා
August 22, 2014 01:58 pm
ඩුප්ලිකේෂන් මාර්ගයේ ක්වීන්ස් පාර මංසන්ධියේදී ධාවනය වෙමින් තිබූ ත්රීවිලරයක් මතට ගසක් කඩා වැටී තිබේ.
මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
සිද්ධියත් සමග එම ස්ථානයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර මේවන විට එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවද පොලීසිය පවසයි.
විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පවසන පොලීසිය ගස වැටීම නිසා ත්රීවිලරයට හා මෝටර් රථයට හානි සිදුව ඇතැයි ද කියයි.