වාරියපොලදී තරුණියගෙන් ගුටි කෑ තරුණයාගෙන් පොලීසිය ප්‍රශ්න කරයි
August 22, 2014 10:20 am
වාරියපොල බස් නැවතුම් පොළේදී පසුගියදා තරුණියකගේ ප්‍රහාරයකට ලක්ව අන්තර්ජාලයේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වූ කතාවේ සෙල්වා හෙවත් රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාරගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබේ.
පසුගිය සෙනසුරාදා වාරියපොළ බස්නැවතුමේදී තරුණියකගේ ඇඳුමක් සම්බන්ධයෙන් අදාළ තරුණයා විසින් කියන ලද වචනයක් නිසා එයට උරණ වී එම තරුණිය එකී තරුණයාට පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලයේ දක්නට ලැබිණ.
මෙම වීඩියෝව අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි විශේෂයෙන් ෆේස්බුක් ඔස්සේ බොහෝ දෙනෙකු නරඹා තිබිණ.
එය නැරඹු බොහෝ දෙනෙකු මෙම සිද්ධිය ගැන විවිධ අදහස් දක්වා තිබූ අතර මේ ගැන රූපවාහිනි නාළිකා ද ප්‍රවෘත්තියක් ලෙස ප්‍රචාරය කළේය.
ඒ අනූව මෙම සිද්ධිය පදනම් කර ගනිමින් පොලීසිය විසින් වාරියපොළ බස් නැවතුම්පොළේදී අදාළ ප්‍රහාරයට ලක්වූ තරුණයාගෙන් එදින සිදුවූයේ කුමක්දැයි ඊයේ පස්වරුවේ ප්‍රශ්න කර මුදාහැර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.
අදාළ තරුණයා හෝ තරුණිය මෙම සිද්ධිය ගැන පැමිණිල්ලක් නොකිරීම නිසා අත්අඩංගුවට ගැනීමක් සිදුව නැතැයිද අනාවරණය කෙරිණ.