අද සිට අල 80ට ගන්නවාලු
August 22, 2014 09:32 am
දේශිය ගොවින්ගෙන් අල කිලෝග්‍රෑමයක් රුපියල් 80ක සහතික මිලකට මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ලංකා සතොස හරහා අද (22) දිනයේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
බදුල්ල සහ වැලිමඩ යන ගොවිජන සේවා මධ්‍යස්ථාන වලදී මිලදී ගැනීම් සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම ඉදිරියේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා නිලධාරින් විසින් නම් කරනු ලබන වෙනත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලදී ද ගොවින්ගෙන් ඍජුව අර්තාපල් මිලදී ගැනීමට නියමිතය.